ලියෝ සහ යුද හමුදාව අනුරාධපුරයේදී හෙට ගැටෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් ලියෝ ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය හෙට (26) අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (සමාධී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී) අවසන් සටනට පිවිසෙති. සුපුන් ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් ලියෝ ක්‍රිකට් සමාජය සහ ශෙහඳ සොයිසාගේ නායකත්වයෙන් යුත් යුද හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා [...]
