මූලාශ්‍ර 3ක්
මානුෂීය මෙහෙයුම් සදහා පැමිණි ඇමෙරිකානු ගුවන් හමුදාවේ හා ඉන්දීය ගුවන් හමුදාවේ යානා දිවයිනෙන් පිටව යයි
දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටට බලපෑ අපදා තත්වය හමුවේ සහන කටයුතු වලට සහාය වීම සඳහා ගුවන් මෙහෙයුම්, මුදවා ගැනිමේ හෙහෙයුම් හා සහන සේවා කටයුතු සඳහා මිත්‍ර රටවල් වලින් අප රටට ඉමහත් දායකත්වයක් ලබා දුන් අතර, 2025.12.07 වන දින සිට 2025.12.13 වන දින දක්වා සහන සේවා කටයුතු සඳහා ඇමෙරිකානු ගුවන් හමුදාවේ (C-130J) ගුවන් යානා දෙකක් සමග 60 දෙනෙකුගෙන් යුත් සහන සේවා කණ්ඩායමක් දිවයිනට පැමිණියේය.
