පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාව, ආසියාවේ රන් පදක්කම අභිසයට
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් පැවැත්වෙන අවසන් වටයේ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (20) සමත් වුණා. ඒ, පළමු අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්. ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ විස්සයි විස්ස ආකෘතියෙන් පැවැත්වෙන තරගාවලියේ, පළමු අවසන් පූර්ව තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ පකිස්ථාන ක්‍රීඩිකාවන් [...]
