කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට එක්වෙයි
කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් 210 දෙනෙකු සඳහා හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උත්සවය අද (25) අරලියගහ මන්දිරයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් 210 දෙනෙකු සඳහා හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උත්සවය අද (25) අරලියගහ මන්දිරයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා 2030 වන විට හෙද සේවාව සඳහා 13,600 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, හෙද විදුහල් සංවර්ධනය කිරීම හා හෙද විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ද කටයුතු කරමින් සිටින බවත් පැවසීය. හෙද සේවාවට ඇතුළත් වන සියලු දෙනාගේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති බව ද මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන හෙද විදුහල්ල සියල්ල සංවර්ධනය කිරීමටද පියවර ගන්නා බවද සදහන්කර කළේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා