මූලාශ්‍ර 2ක්
සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් ගොඩනැගීමට රජය කැපවී සිටිනවා –-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රටට අවශ්‍ය දියුණු මානව සම්පත නිර්මාණය කිරීමේ ප්‍රධානතම ස්ථානය පාසල වන බැවින්, පාසල් පද්ධතිය තුළ පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනයට දායක වෙමින් සෑම සිසුවෙකුටම සම වරප්‍රසාද හිමිවන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
