ආබාධ සහිත ප්‍රජාව සහ ජනපති ලේකම් අතර හමුවක්
ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ආබාධිත සිවිල් ප්‍රජාව විසින් ප්‍රමුඛ කේෂ්ත්‍ර 6ක් ඔස්සේ සකස් කළ අයවැය යෝජනාවලියක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පස්වරුවේ භාර දෙන ලදී.
