මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරේ
මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විදින දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත්, වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා දැනට පවතින 5000 කට අධික පොරොත්තු ලේඛණ යම්තාක් මට්ටමකින් අවම කිරීම සඳහා විසදුමක් ලෙසත්, මුළු දිවයිනටම සේවා සලසා ගත හැකි අයුරින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති "මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය" අද (12) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
