කටුනායක ඉහල අහසේ ගුවන් යානාවකට කුරුළු ප‍්‍රහාරයක්.. පැය තුනක් කැරකී යලි ගොඩබායි..
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයට අයත් යානයක්, ගුවන්ගත වී සුළු වේලාවකින් කුරුල්ලෙකුගේ ගැටීම හේතුවෙන් යළි හදිසියේ කටුනායකට ගොඩබස්වා තිබේ.TK731 දරන මෙම එයාර්බස් A330-300 වර්ගයේ යානය, මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස යානය ගොඩබැස්වීමට පෙර මෙරට බටහිර මුහුදු තීරයට ඉහළින් පැය තුනකට අධික කාලයක් පියාසර කරමින් තිබුණි.ශ්‍රී ලංකා
