මූලාශ්ර 2ක්
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවළකට වැඩ වරදියි
විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ අඹුසැමි යුවළක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ අඹුසැමි යුවළක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර යුවළ දළුගම, කිරිබත්ගොඩ ප්රදේශයේ ලිපිනයක සිය ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර ආයතනයේ බලපත්රය පසුගිය වසරේ සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වී තිබේ. නමුත් ඔවුන් සිය ආයතනයේ නම භාවිත කරමින්ම වැලිමඩ නුගතලාව ප්රදේශයේදී ආයතනය නැවතත් ආරම්භ කරමින් මෙම වංචාව සිදුකර ඇති බව කාර්යාංශය සඳහන් කළේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා