මැදපෙරදිග යුද්ධයෙන් ලංකාවට එල්ල විය හැකි බලපෑම් ගැන ජනාධිපතිවරයා කිව්වේ මොනවා ද?
මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට බලපෑම් එල්ල විය හැකි ආකාරය හා ඊට ගන්න වූ ක්‍රියාමාර්ග ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක අද (මාර්තු 3 වැනිදා) පාර්ලිමේන්තුව දැනුවත් කළේය. යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට එල්ල විය හැකි කෙටි කාලීන හා දිර්ඝ කාලීන ආර්ථික ගැටලු මෙන්ම ඉන්ධන හා ගෑස් අර්බුද ඇති වීම වළක්වා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධව ජනාධිපතිවරයා කියා සිටියේ ය.
