2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්
යල කන්නයේ ගොයම් කැපීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසද, ඒ සඳහා දැනට වී තොග පවතින ගබඩාවල වී තොග හිස් කර, නව වී මිලට ගැනීමට සූදානම් කිරීමේ කටයුතු සතොස සමග එක්ව සිදු කරන ලෙසද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
