බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතයට අනුමැතියදීම වළක්වන්නැයි ඉල්ලා රිට් පෙත්සමක්
බීර නිෂ්පාදනය උදෙසා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම සඳහා නිෂ්පාදකයින්ට අනුමැතිය නොදෙන ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් ගොනුකර ඇති මේ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා සහ එම ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා [...]
