ගෝඨාගේ පෙත්සම් විභාගය 23 වෙනිදා දක්වා කල් යයි
තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 23 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
