හෝමාගම තාක්ෂණික නගරයේ මාර්ග පහසුකම් සංවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
හෝමාගම, පිටිපන සහ මාහේනවත්ත ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක 'තාක්ෂණික නගර ව්‍යාපෘතිය' සඳහා අවශ්‍ය මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
හෝමාගම, පිටිපන සහ මාහේනවත්ත ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක 'තාක්ෂණික නගර ව්‍යාපෘතිය' සඳහා අවශ්‍ය මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
හෝමාගම නගරයේ මාර්ග තදබදය අවම කරමින් තාක්ෂණික නගරය වෙත සෘජු ප්‍රවේශයක් ලබාදීම සඳහා හෝමාගම වලව්වත්ත සිට කටුවාන හරහා බටහිර අතුරු මාර්ගය ඉදිකිරීම 2020 වසරේදී ආරම්භ කර ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා හරිත සරසවියේ සිට ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය දක්වා වූ ප්‍රවේශ මාර්ගය ඔස්සේ පිටිපන-දාම්පේ මාර්ගය, තාක්ෂණික නගරයේ අභ්‍යන්තරය හරහා කොට්ටාව-තලගල මාර්ගය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා