හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩුවක්
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. එමෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් අද දින පාසලට කැඳවීමෙන් වළකින ලෙස ද දැනුම්දී ඇති බව සඳහන්ය. එමෙන්ම නුවරඑළිය කලාපයේ පාසල් සඳහාද අවශතාවය මත කලාප අධ්‍යපන අධ්‍යක්ශවරුන්ගේ උපදෙස් මත සුදුසු ක්‍රීයාමාර්ග ගැනීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත