අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග හැකි ඉක්මනින් විනාශ කිරීමට කඩිනම් වැඩපිළිවෙලක්
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම වෙනුවෙන් පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
