මහින්දගේ නම කියවගත්තේ, තර්ජනය කරලා - ශ්‍රීලන්කන් හිටපු CEOගේ දිවුරුම් ප්‍රකාශය
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන් බිය ගන්වා කටඋත්තර ලබා ගත් බව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමිනි.
