ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය ඊයේ (22) සටහන් කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 09 වනදා පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරුණා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත [...]
