INTERPOL නියෝජිතයින් ඇතුළු පිරිසක් කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයට
කලාපීය සමුද්‍රීය මෙහෙයුම් මධ්‍යස්ථාන සහ ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානයේ (INTERPOL) නියෝජිතයින් පිරිසක් ඊයේ (14) සහ අද (15) කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයට පැමිණ සමුද්‍රීය තොරතුරු හුවමාරුව වැඩි දියුණු කිරීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කළා. සමුද්‍රීය දත්ත සැකසීමේදී ඇති පොදු අභියෝගවලට මුහුණ දීම සහ තොරතුරු හුවමාරුව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රායෝගික ප්‍රවේශයන් සංවර්ධනය කිරීම කෙරෙහි දෙදින සංචාරයේ අවධානය යොමු [...]
