Cloudflare Outage එක නිසා, අන්තර්ජාලය පුරා වෙබ් සේවාවන් රැසක බිඳ වැටීම් - තත්වය යථා තත්වයට
2025.11.18 (ඊයේ), ලොව පුරා වෙබ් අඩවි දහස් ගණනකට ප්‍රධාන අන්තර්ජාල බාධාවක් බලපෑවේය. වෙබ් අඩවි ආරක්ෂා කිරීමට සහ වේගවත් කිරීමට උපකාරී වන දැවැන්ත සමාගමක් වන Cloudflare හි ඇතිවූ ගැටුලු හේතුවෙන් මෙම ඇනහිටීම සිදුවී ඇති බව වාර්ථා වේ. බොහෝ ජනප්‍රිය වෙබ් අඩවි හා සේවාවන් බිඳවැටී ඇති අතර ඒ අතරට වෙබ් සේවාවන් වල බිඳවැටීම් වාර්ථා කරන Downdetector සේවාවත් බිඳවැටී ඇත. පරිශීලකයින්ට X , ChatGPT සහ තවත් බොහෝ වෙබ් අඩවි වැනි සේවාවන් වෙත ප්‍රවේශ වීමට නොහැකි ලෙස ගැටලුකාරී තත්වයක් ඇති විය. මෙය ශ්‍රී ලංකා වේලාවෙන් සවස
