වසර 7කට පසු යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර වීථි සංචාරය කරයි
ඓතිහාසික යාපහුව රාජධානියේදී 13 වැනි සියවසේදී ආරම්භ වූ බව සැලකෙන යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර වසර 7කට පසු ඊයේ (29) රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කළේය.
ඓතිහාසික යාපහුව රාජධානියේදී 13 වැනි සියවසේදී ආරම්භ වූ බව සැලකෙන යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර වසර 7කට පසු ඊයේ (29) රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කළේය.
පළමු බුවනෙකබාහු රජ සමයේදී යාපහුව රාජධානියේ ශ්‍රී දළදා වහන්සේ වඩා හිඳුවා රාජකීය පූජෝපහාර පැවැත්වී ඇති අතර, පසුව නතර වූ මෙම පෙරහැර මංගල්‍යය 1969 වසරේදී කඳුබොඩගම ශ්‍රී සීලානන්දාභිධාන නාහිමියන් විසින් නැවත ආරම්භ කර තිබේ. අවසන් වරට 2018 වසරේ පැවති පෙරහැර, පාස්කු ප්‍රහාරය, කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ ඉන් අනතුරුව විහාරාධිපති නාහිමියන් අපවත් වීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ පැවැත්වීමට නොහැකි විය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත