මූලාශ්‍ර 2ක්
ජංගම ගිණුමේ හිඟය සිව්වැනි මාසයටත් ඉහළට... වෙලද හිගය ඩොලර් බිලියන 6.5 පනී...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාවට අනුව, 2026 වසරේ ජූලි මාසයේදී මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 142ක හිඟයක් වාර්තා කර තිබේ. මෙය වසර තුළ පිට පිටම ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වූ සිව්වැනි මාසය ලෙස සටහන් වේ. මහ බැංකු දත්තවලට අනුව, 2026 වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 552.2ක ද, මැයි මාසයේදී ඩොලර් මිලියන 194.5ක ද සහ ජූනි මාසයේදී ඩ
