අද දිනයේත් පළාත් 4කට සහ දිස්ත්‍රික්ක 2කට මි.මී. 100ට වැඩි තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන 05.30ට නිකුත් කර ඇති නිවේදනයක බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳව අනතුරු අඟවා තිබේ. එම පළාත්වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මි.මී. 100 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවට එම නිවේදනයේ සඳහන් වේ.
