අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කල පුද්ගලයෙකු අත්අඩංගුවට
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කල පුද්ගලයෙකු අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කල පුද්ගලයෙකු අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අධිවේගී මාර්ගයේ ජංගම සංචාර රාජකාරී නිලධාරීන්ට 19වන කිලෝමීටර කණුව ආසන්නයේ දී, කොළඹ දෙස සිට කටුනායක දෙසට ධාවනය වූ මගීන් පිරිසක් රැගත් වෑන් රථයක රියදුරෙකු විසින් අපද්‍රව්‍ය සහිත බෑගයක් අධිවේගී මාර්ගයට බැහැර කිරීමක් නිරීක්ෂණය වී ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන යාපනය අල්වායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. සැකකරු හෙට (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා