අයහපත් කාලගුණය නිසා ජාත්‍යන්තර පාසල් වසා තැබීමටත් උපදෙස්
ජාත්‍යන්තර පාසල් වසා දැමීමට එම පාසල්වල පාලන අධිකාරීන් වෙත උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

ජාත්‍යන්තර පාසල් වසා දැමීමට එම පාසල්වල පාලන අධිකාරීන් වෙත උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර පාසල් වසා තැබීමට අදාළ පාලන අධිකාරීන් වෙත උපදෙස් නිකුත් කර තිබෙනවා. මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර පාසල් වසා තැබීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව විසින් අදාළ පාලන අධිකාරීන් වෙත උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා