කෝටි එකොළහකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගියෙක් කටුනායක දී අල්ලයි
රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරට ගෙන ආ ගුවන් මගියෙක් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ -12 ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අයෙක්. මොහු නගර සභා සේවකයෙක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. මෙම ගුවන් මගියා අද (06) අලුයම [...]
