සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව සැපයූ ආනන්දන් නමැත්තා, දීර්ඝ කාලයක සිට ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට කේරල ගංජා ප්‍රවාහනය කළ ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබේ.
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව සැපයූ ආනන්දන් නමැත්තා, දීර්ඝ කාලයක සිට ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට කේරල ගංජා ප්‍රවාහනය කළ ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබේ.
ඒ අනුව එම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒ කේරල ගංජා කිලෝ 10කට අධික ප්‍රමාණයක් සමඟය. සැකකරු කිළිනොච්චියේ පදිංචිකරුවෙක් වන අතර ගංජා තොගය, පොල් වත්තක භූගත බංකරයක ගබඩා කර තිබූ බව පොලිසිය පවසයි. සැකකරු කේරල ගංජා මෙරටට ආනයනය කරන අතරතුරදී පාතාල කල්ලි සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගියාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා