මූලාශ්‍ර 2ක්
ඇමති විජිත සහ වෙනිසියුලා විදේශ කටයුතු ඇමති අතර දුරකථන සංවාදයක්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ වෙනිසියුලාවේ විදේශ කටයුතු අමාත්‍ය ඉවාන් ගිල් පින්ටෝ අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. අමාත්‍යවරුන් දෙදෙනා අතර ඊයේ (23) මෙම දුරකථන සංවාදය පැවති බවයි අමාත්‍ය විජිත හේරත් සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.
