"සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම්ව සියලුම දරුවන්ට ඉදිරියට යා හැකි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන වගකීමයි - අග්‍රාමාත්‍ය
සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම්ව සියලු දරුවන්ට ඉදිරියට යාම හැකි අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීම අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන වගකීම වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
