මූලාශ්‍ර 2ක්
හෝමුස් සන්ධියේදී නෞකා දෙකක් ඉරාන භාරයට.. ඊශ‍්‍රායලයට සම්බන්ධ නෞකාවක්ද අතර..
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී නාවික නීති උල්ලංඝනය කළ බව පවසමින් නෞකා දෙකක් සිය භාරයට ගෙන ඉරාන මුහුදු සීමාව වෙත රැගෙන ආ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව බදාදා නිවේදනය කළේය.මෙලෙස ඉරාන භාරයට ගෙන ඇත්තේ 'MSC-Francesca' සහ 'Epaminodes' යන නෞකා දෙකයි. මෙයින් 'MSC-Francesca' නෞකාව ඉස්රායල පාලනයට සම්බන්ධ එකක් බව ඉරාන ආරක්ෂක බලකාය පවසයි.අදාළ නෞකා බලපත්‍ර රහිතව ක්‍රියාත්මක වීම,
