පකිස්ථානය සහ ඇෆ්ඝනිස්ථානය අතර 'විවෘත යුද්ධයක්'
පකිස්ථාන හමුදා ප්‍රහාරවලින් මේ දක්වා ඇෆ්ගන් තලේබාන්වරුන් 133 දෙනෙකු මිය ගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශක මොෂාරෆ් සයිඩි පවසයි. මේ අතර පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ, "අපේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් තියෙන්නේ. දැන් අපි අතර තියෙන්නේ විවෘත යුද්ධයක්" යනුවෙනි.
