ලෝක වෙලදපලේ ඉන්ධන මිල ඉහල ගිහින්.. ඩීසල් ලීටරය 720ක් වෙනවා.. සංස්ථාවට පාඩුයි.. මොකද කරන්නේ..- ජනපති
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 720 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් මෙලෙස ඉහළ ගියද, රජය දැනට ඩීසල් ලීටරයක් රුපියල් 392 ක සහන මිලකට ජනතාව වෙත
