මූලාශ්‍ර 4ක්
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න: කොළඹ රාජකීය සහ විශාඛා ඉදිරියෙන්
2025 වර්ෂයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (නොවැ: 21) නිකුත් කෙරිණි. ඉහළ ම කඩඉම් ලකුණු සංඛ්‍යාව කොළඹ විශාඛා විද්‍යාලය සඳහා වන අතර, එය ලකුණු 176කි. බාලක පාසල් අතරින් වැඩි ම ලකුණු මට්ටම කොළඹ රාජකීය විද්‍යාලය සඳහා ය. එම ලකුණු සංඛ්‍යාව 175කි.
