මත් සැකකරුවෝ 859 දෙනෙකු අත්අඩංගුවට
රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (20) දිනයේදී සැකකරුවන් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (20) දිනයේදී සැකකරුවන් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නවතම දෛනික වාර්තාවට අනුව ඊයේ(20) ගතවූ පැය 24 තුළ දිවයින පුරා සාර්ථක වැටලීම් 858ක් සිදුකර ඇති අතර, එහිදීයි විවිධ මත්ද්‍රව්‍ය තොග රැසක් පොලිස් භාරයට ගෙන ඇත්තේ. අයිස් ග්‍රෑම් 499ක් සමග වැටලීම් 332ක් ද හෙරොයින් ග්‍රෑම් 432ක් සමග වැටලීම් 242ක් ද ගංජා ග්‍රෑම් 665ක් සහ ගංජා පැළ 07ක් සමග වැටලීම් 215ක් ද අනෙකුත් මත්ද්‍රව්‍ය සමග වැටලීම් 68ක් ද ආදී වශයෙන් වැටලීම් සිදු කර තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා