ගෑස් හිගය සැපයුමට පොඩි බාධාවක් නිසා..- ලාෆ්
වෙළඳපොළ තුළ පවතින තාවකාලික හිඟය මඟහරවා ගනිමින්, පාරිභෝගිකයන් වෙත අඛණ්ඩ සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව LAUGFS ආයතනය නිවේදනය කරයි.මෑතකදී ඇති වූ මෙම සැපයුම් සීමාකාරී තත්ත්වයට හේතු වී ඇත්තේ හම්බන්තොට පිහිටි මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයෙන් යුත් ගෑස් ආනයන පර්යන්තයේ මෙහෙයුම් කටයුතුවලට එල්ල වූ බාධාවකි. මේ හේතුවෙන් සමාගමේ සාමාන්‍ය ආනයන සැපයුම් දාමයට තාවකාලික බලපෑමක් එල්ල වී තිබේ.පවත
