"ස්වභාවික විපත් හමුවේ වුවද අධ්යාපනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට සැලසුම් සකස් කළ යුතුයි" - අග්රාමාත්ය
රටේ අධ්යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී අපේ මූලික පරමාර්ථය විය යුත්තේ දරුවන් බවත්, ස්වභාවික විපත් ඇතුළු රටක් වශයෙන් මුහුණ දිය හැකි ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ වුවද, අධ්යාපනය කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්ය සැලසුම් දිස්ත්රික් හා පළාත් මට්ටමින් සම්පාදනය කළ යුතු බවත් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළා ය.
