චාවකච්චේරිය මුලික රෝහලට අංග සම්පුර්ණ ඖෂධ ගබඩාවක් සහ කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් සඳහා මුල්ගල් තබයි
උතුරු පළාත් සෞඛ්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ රජය ගෙනයන වැඩපිළිවෙල යටතේ චාවකච්චේරිය මුලික රෝහලේ රුපියල් මිලියන 336ක වියදමින් අංග සම්පුර්ණ ඖෂධ ගබඩාවක්, කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් (Drug Store & Staff Quarters) හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මුල්ගල තබන ලදී.
