ChatGPT විසින් ඔවුන්ගේම Web Browser එකක් Atlas නමින් එළිදක්වයි
Artificial Intelligence පිළිබදව ලොව පෙරළිකාර සමාගමක් වන OpenAI ආයතනය විසින් තම සේවාවන්හි නවතම සන්ධිස්ථානය සනිටුහන් කරමින්, Atlas (ඇට්ලස්) නමින් Web Browser එකක් හඳුන්වා දී තිබෙනවා. මෙය හුදෙක් සාම්ප්‍රදායික Web Browser එකක් මෙන් නොවන අතර, ChatGPT සමග ඒකාබද්ධ කර ඇති, කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වූ අති නවීන Web Browser එකක් ලෙස දක්වන්න පුලුවන්. මෙමඟින්, පරිශීලකයන්ට මින් පෙර කිසිදා අත්නොදුටු පරිදි, අන්තර්ජාලය සමඟ අන්තර් ක්‍රියා කිරීමට, තොරතුරු සෙවීමට සහ සංකීර්ණ කාර්යයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා
