මූලාශ්‍ර 2ක්
අධික වැසි නිසා නුවරට සහ නුවරඑළියට රතු නිවේදන
පවතින අධික වර්ෂා තත්ත්වය නිසාවෙන් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08කට මෙලෙස රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර පවසනවා.
