මුවන් මසට මැරූ ගුවන් සෙබළු පහක් මාට්ටු
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ භූමිය තුළ සැරිසරන මුවන් වෙඩි තබා ඝාතනය කොට සිවිල් වැසියන්ට අලෙවි කළ බව කියන මත්තල ගුවන් හමුදා කඳවුරේ නිළධාරියකු ඇතුළු සෙබලුන් පස්දෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තල පොලිසිය කියයි.
