දේශගුණික අභියෝග හමුවේ ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්තයට තිරසර ජල විසඳුම්
සූර්ය බලශක්තිය, ස්වයංක්‍රීයකරණය සහ සුහුරු ජල කළමනාකරණය ඔස්සේ කෘෂිකර්මාන්තයේ අනාගතය ගොඩනැඟිය හැකි ආකාරය Deep Tec Engineering (Pvt) Ltd නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ තිලින හෙට්ටිආරච්චි පැහැදිලි කරයි. වසරේ වැඩි කාලයක් දැඩි හිරු රශ්මියට මුහුණ දෙන ශ්‍රී ලංකාවට වර්ෂාපතන රටාවන්ගේ වෙනස්වීම්, වියළි කාලගුණ තත්ත්වයන් සහ ඇතැම් අවස්ථාවල ඇතිවන අධික වර්ෂාපතනය අලුත් අත්දැකීමක් නොවේ. එහෙත් දේශගුණික විපර්යාසයන් තීව්‍ර...
