කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්
පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පමුණුගම පොලිස් වසමට අයත් එපාමුල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටියදී කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. ඊයේ (30) පස්වරුවේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පමුණුගම පොලිස් ස්ථානය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්. අවුරුදු 35ක කාන්තාවක්, අවුරුදු 04 සහ 12ක් වන ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 13ක පිරිමි දරුවෙක් මෙසේ අතුරුදන්ව ඇති බව සඳහන්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත