ඉන්දියානු සාගරයේ භූ චලනයක් - වෙරළබඩ ජනතාව අවධානයෙන් පසුවන්න
ඉන්දියන් සාගරයේ උතුරු සුමාත්‍රාවේ අද උදෑසන 10.26ට රික්ටර් පරිමාණ ඒකක 6.6ක ප්‍රභලත්වයක් සහිත භූ චලනයක් සිදුවී ඇත.
ඉන්දියන් සාගරයේ උතුරු සුමාත්‍රාවේ අද උදෑසන 10.26ට රික්ටර් පරිමාණ ඒකක 6.6ක ප්‍රභලත්වයක් සහිත භූ චලනයක් සිදුවී ඇත.
ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇත්තේ කිලෝමීටර් 25ක් ගැඹුරිනි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත