පිළියන්දල නෑයන්ගේ අවුරුදු සාදය අතර 6 හැවිරිදි ඉහන්සා තටාකයේ සැඟව ගියාය
සිනහවෙන් හා සතුටින් පිරී ගිය අවුරුදු සාදයක්, එක් නිමේෂයකින් කිසිදා නොමැකෙන කඳුළු කතාවක් බවට පත්වනු ඇතැයි ඒ පවුලේ කිසිවෙකුත් නොසිතන්නට ඇත. පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයකට වැටී හය හැවිරිදි කුඩා දැරියක අවාසනාවන්ත ලෙස මරණයට පත්වී
