අමාත්‍ය විජිත හේරත් අද ජර්මනියට..
- අමාත්‍ය විජිත හේරත් අද (26) ජර්මනියේ සංචාරයක් සඳහා පිටත්ව යන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.ඒ ජර්මානු - ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ ජර්මනියේ බ්‍රෙමන් ශාඛාව කළ නිල ආරාධනාවකට අනුවය.එම සංගමයේ 125 වැනි සංවත්සර උත්සවයේදී අමාත්‍ය විජිත හේරත් සභාව ඇමතිමටද නියමිත වේ.ඒ ආසියානු කලාපය නියොජිනය කරමිනි.වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාලාවකද අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.මෙය ජර්මානු-ආසියානු ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන විශාලතම ජර්මානු සංගමය වන අතර, ආසියා පැසිෆික් කලාපයේ ජර්මානු ව්‍යාපාරික නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කරන ප්‍රමුඛ වේදිකාවක් ද වනවා.සංචාරයේදී අමාත්‍යවරයා, ජර්මනියේ විදේශ අමාත්‍ය ආචාර්ය ජොහාන් වාඩෙෆුල් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
-610988.jpg)