මත්ද්‍රව්‍ය සමග තායි කතුන් තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි තායිලන්ත ජාතික කාන්තාවන් තිදෙනෙකු කුෂ් සහ හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි තායිලන්ත ජාතික කාන්තාවන් තිදෙනෙකු කුෂ් සහ හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොල පැමිණිමේ පරියන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර තායිලන්තයේ බැංකොක් සිට ගුවන් මගින් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 220 ක් හා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 852 ක් සන්තකයේ තබාගෙන මෙරටට පැමිණි කාන්තාවක් අද (20) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත