කුඩු සලිඳුගේ මත් ජාවාරම මෙහෙයවූ තරුණ අඹුසැමි යුවළක් අත්අඩංගුවට
ගල්කිස්ස මුලස්ථාන පොලිසිය විසින් ඊයේ (17) රාත්‍රියේ සිදු කරන ලද වැටලීමදී, සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිඳු නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලයේ අනුගාමිකයකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, අලුබොමුල්ල පදිංචි යුවලක් වන 34 හැවිරිදි පුද්ගලයෙකු සහ වයස 26 කාන්තාවක්. අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය [...]
