නීති කැඩූ වෙළෙඳසලට ලොකු දඩයක්
වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ සෝඩා බෝතල් අලෙවියට තැබූ ඇල්ල ප්රදේශයේ වෙළඳ ආයතනයකට රුපියල් 260,000ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ සෝඩා බෝතල් අලෙවියට තැබූ ඇල්ල ප්රදේශයේ වෙළඳ ආයතනයකට රුපියල් 260,000ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඇල්ල, දුම්රිය ස්ථානය අසල පිහිටි පෞද්ගලික වෙළෙඳසැලක් නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ සිසිල් බීම අලෙවිය සඳහා ප්රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රුපියල් දෙලක්ෂ හැටදහසක දඩ මුදලක් නියම කර තිබේ. එහිදී අදාළ ආයතනය විසින් නියමිත උපරිම සිල්ලර මිල රුපියල් 120ක් වන ලීටර් 1 ප්රමාණයේ පානීය ජල බෝතලයක් රුපියල් 200 බැගින් රුපියල් 80ක වැඩි මුදලකට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා