“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ කළුතර නිවාස 02ක් ප්‍රතිලාභීන්ගේ අයිතියට
නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස හිමිකම තහවුරු කිරීමේ අරමුණින් නව රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ රජයේ මූල්‍යාධාර මත ඉදිකළ නව නිවාස දෙකක් නිල වශයෙන් ප්‍රතිලාභී පවුල් වෙත භාරදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ සිදු කෙරිණි.
