මූලාශ්‍ර 2ක්
සේනාධිපතිගෙන් පොලිසියට බයික් ගත්තෙ නෑ..- පොලිසිය
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වෙත ඇවන්ගාඩ් (Avant Garde) සමාගම මගින් යතුරුපැදි ලබාදීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.ඇවන්ගාඩ් සමාගම විසින් 450cc එන්ජින් ධාරිතාවයෙන් යුත් යතුරුපැදි 50 ක් නොමිලේ ලබාදීමටත්, වසර 15 ක කාලයක් ඒවායේ නඩත්තු කටයුතු සිදු කිරීමටත් එකඟ වී ඇති බවට පළවන වාර්තා පොලිසිය ප්‍රතික්ෂේප කර සිටිය